50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය


පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ ජන ක්‍රීඩා ජනගත කිරීමේ අරමුණින් පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය මගින් සංවිධානය කරන ලද බක් මහ උළෙල 2026/04/09 වන දින ගොඩහේන සංස්කෘතික මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේ දී පවත්වන ලදී.
A "Bak Maha Ulela" or a New Year Festival, organized by the Cultural Division of the Poojapitiya Divisional Secretariat with the aim of popularizing folk sports under the guidance of the Poojapitiya Divisional Secretary, was held on 09/04/2026 at the Play ground of the Godahena Cultural Center



දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ ලෙස නිවාස හානි වූ පවුල් සහ නාය යෑම් අධි අවදානම් ලෙස හඳුනාගෙන ඇති පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් හා ව්‍යාපාර හානි වන්දි ගෙවීම වෙනුවෙන් 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ ඉඩම් ලබා දීම සහ නිවාස ඉදිකර ගැනීම හා ව්‍යාපාර යථාවත් කර ගැනීම වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් සිදු කිරීම අද (06) පස්වරුවේ අරබෙකඩේ, නියංගොඩ පාසල් ක්‍රීඩා පිටියේදී ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙහිදී පූජාපිටිය , හතරලියද්ද ,තුම්පනේ, යටිනුවර, හාරිස්පත්තුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ථාශයන්හි පවුල් 150 කට පමන වන්දි ලබා දීම් සිදුවූ අතර, එම අවස්තාවේදී පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ පවුල් 29 ක් වෙනුවෙන් හා කර්මාන්ත යථාවත් කර ගැනීම සදහා ව්‍යාපාරිකයන් 39 ක් ලෙස සම්පූරන ප්‍රතිලාභින් 68 දෙනෙකු සදහා පහත පරිදි වන්දි ප්‍රදානය කරන ලදි.
මෙම වන්දි ප්‍රදානය සාර්ථක කර ගැනීමට සහ නිවරදි සහ කඩිනම් ප්‍රතිචාර දැක්වූ ප්‍රතිලාභි ඔබ සැමට පූජාපිටිය ප්‍රාදේශීය මහලේකම්තුමිය ප්‍රමුඛ ආපදා කලමනාකරන අංශයේ ස්තූතිය පල කරමු.



"ගොඩනගමු ශ්‍රී ලංකා" තේමාව යටතේ අද දිනට යෙදී ඇති 78 වන නිදහස් දිනයට සමගාමීව පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිදහස් දින සැමරුම , අඹතැන්න මුල්ලේගම ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වින
පූජාපිටිය ප්‍රාදේශීය මහලේකම් ශාලිකා දීගල මහත්මියගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ මහා සංඝරත්නය, පූජාපිටිය පොලීසිය, පූජාපිටිය ප්‍රාදේශීය සභාව, බටුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය , මුල්ලේගම සමෘද්ධි බැංකුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් හා මුල්ලේගම ගම් වාසින් සහභාගී විය.
ගොඩහේන සංස්කෘතික මධ්‍යස්ථානයේ දරුවන්ගේ දේශාභිමානී නර්තනයන්ගෙන් හැඩවූ මෙම වැඩසටහන් අවසානයේ රුක් රෝපණ වැඩසටහන් සහ කුරක්කන් කැඳ දන්සැලක් පැවැත්වින.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහය දක්වූ මුල්ලේගම ප්‍රියදර්ශනාරාමාධිපති හිමියන්, විහාරවාසී හිමියන්, ගම්වාසීන් ඇතුලු සියලුම අනුග්‍රාහක භවතුන් වෙත ගෞරවනීය ස්තූතුය පල කරමු.




















