අපගේ දැක්ම

“පාරිභෝගික තෘප්තිය සහ විශ්වාසය ගොඩනංවන විශිෂ්ට රාජ්‍ය සේවාවක් තුළින් නීතිගරුක ජන සමාජයක් බිහි කිරීම”

 අපගේ මෙහෙවර

“රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රීති වලට අනුකූලව සඵලදායි ප්‍ර‍වේශයක් තුල මානව හා භෞතික සම්පත් සම්බන්ධීකරණය  සහ සැලසුම් සහගත කලමනාකාරිත්වය තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීමයි”

ආයතනයේ විකාශනය

හාරිස්පත්තුව ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාශයට අයත්ව තිබූ වසම් තිස් හතක් (37) වෙන් කොට 1982 වර්ෂයේදී පූජාපිටිය අතිරේක ප්‍රාදේශීය උප දිසාපති කොට්ඨාශය ආරම්භ වී ඇත. එය බටුගොඩ ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ශාලාවක 1998.01.01 දින රජයේ ගැසට් නිවේදනය මගින් පූජාපිටිය ප්‍රාදේශීය උපදිසාපති කොට්ඨාශය වශයෙන් පවත්වාගෙන යන ලදි. පසුව බටුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයට අත්පත්කරගත් ඉඩමේ කොටසක් පවරාගෙන දැනට තිබෙන ගොඩනැගිල්ල ඉදිකරන ලදි. 1989 වර්ෂයේදී එම ගොඩනැගිල්ලට කාර්යාලය ගෙනයන ලදි. 1996 වර්ෂයේ දී ග්‍රාම සේවා වසම් සංශෝධනයේදී ග්‍රාම සේවා වසම් 67 ක් බවට පත්විය.  1992 වර්ෂයේදී පරිපාලනය විමධ්‍යගත කිරීම යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බවට පත් කරන ලදි එහි ප්‍රථම ප්‍රාදේශීය ලේකම් ලෙස චන්ද්‍රලතා උබේසේකර මහත්මිය 1992.08.18 දින වැඩ බාරගන්නා ලදි.

සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඩබ්.ජේ.රාජකරුණා මහතා  1981.12.31 1992.08.18
චන්ද්‍රලතා උබේසේකර මහත්මිය 1992.08.18 2000.02.28
ස්වර්ණා ඔබේසේකර මහත්මිය 2000.06.01 2002.02.21
එච්.පී. දයා මැණිකේ සරත්චන්ද්‍ර මහත්මිය 2002.04.25 2011.12.31
සී.එච්.කුරුකුලආරච්චි මහත්මිය 2012.01.02 2012.02.29
ඩබ්.එම්.එම්.මඩහපොළ මහත්මිය 2012.03.08 2021.01.05
ඩී.වත්සලා මාරඹගේ මහත්මිය 2021.01.06 2022.11.20
ආර්.ඩබ්ලිව්.පී.එම් ධර්මදාස මහතා 2022.11.21 2022.11.23
ටී.එම්.කේ.බී. වීරසිංහ මහතා 2022.11.24 2024.02.01
ඩී.එම්.එස්.කේ. දීගල මහත්මිය 2024.02.06 මේ දක්වා

පුවත් සහ සිදුවීම්

04
මැයි2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
අප්‍රේ2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top