"ගොඩනගමු ශ්‍රී ලංකා" තේමාව යටතේ අද දිනට යෙදී ඇති 78 වන නිදහස් දිනයට සමගාමීව පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිදහස් දින සැමරුම , අඹතැන්න මුල්ලේගම ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වින
පූජාපිටිය ප්‍රාදේශීය මහලේකම් ශාලිකා දීගල මහත්මියගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා පූජාපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ මහා සංඝරත්නය, පූජාපිටිය පොලීසිය, පූජාපිටිය ප්‍රාදේශීය සභාව, බටුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය , මුල්ලේගම සමෘද්ධි බැංකුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය කරමින් නිලධාරීන් හා මුල්ලේගම ගම් වාසින් සහභාගී විය.
ගොඩහේන සංස්කෘතික මධ්‍යස්ථානයේ දරුවන්ගේ දේශාභිමානී නර්තනයන්ගෙන් හැඩවූ මෙම වැඩසටහන් අවසානයේ රුක් රෝපණ වැඩසටහන් සහ කුරක්කන් කැඳ දන්සැලක් පැවැත්වින.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට සහය දක්වූ මුල්ලේගම ප්‍රියදර්ශනාරාමාධිපති හිමියන්, විහාරවාසී හිමියන්, ගම්වාසීන් ඇතුලු සියලුම අනුග්‍රාහක භවතුන් වෙත ගෞරවනීය ස්තූතුය පල කරමු.
May be an image of one or more people, wedding and text that says "Media Unit ICT Division Divisional Secretariat Poojapitiya Web- (ch-http:/w.pti.igi <a href=

පුවත් සහ සිදුවීම්

04
මැයි2026
50  වන  ජාතික  මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  -  2026 - 1  වන  අදියර  තරඟාවලිය

50 වන ජාතික මහා ක‍්‍රීඩා තරඟාවලිය - 2026 - 1 වන අදියර තරඟාවලිය

50  වන  ජාතික මහා  ක‍්‍රීඩා  තරඟාවලිය  - ...

22
අප්‍රේ2026
Bak Maha Ulela

Bak Maha Ulela

පූජාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ගේ මග පෙන්වීම යටතේ...

Scroll To Top