ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සදහා
ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සදහා
1. සුදුසුකම්
- ශ්‍රී ලාංකික පුරවැසියකු වීම
- වයස අවුරුදු 15 සම්පුර්ණ වීම
2. අයදුම්පත් ලබා ගැනීම
- අයදුම්පත බාගත කරගන්න - ජාතික හැඳුනුම්පත් (පෙර සැකසුම්)
- සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල
- සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල
- සියලුමසහතික කිරීමේ නිළධාරීන් වෙතින් (ග්‍රාම නිලධාරී, විදුහල්පති, වතුඅධීකාරි)
- දෙර්තමේන්තු වෙබ් අඩවියෙන්www.drp.gov.lk
- ඉල්ලුම් පත්‍රයේ ආකෘතිය හා ප්‍රමානය වෙනස් නොවන සේ හා අපහැදිලි නොවන සේ ලබාගත්ඡායා පිටපතක්.
3. ඉදිරිපත් කලයුතු ලිපිලේඛන
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ1,7,8 අකෘති පත්‍රය සමග ග්‍රාම නිලධාරි සහ/හෝ ප්‍රාදේශිය ලේකම් හෝබලය පැවරූ නිලධාරියකු සහතික කරන ලද පහත සදහන් ලේඛන වල ඡායා පිටපත් (ඉදිරිපත් කරන ලද පිටපත් වලින් ඉල්ලුම්කරුගේ නම සහ උපන් දිනය සනාථ විය යුතුය)
- උප්පැන්නසහතිකය හෝ උප්පැන්න ලේඛනයේ උපුටාගත් සටහනක්
- අනුමානවයස්සහතිකය සමග උපන් දිනය සනාථ කල හැකි ලේඛනයක් (දරුවෙකුගේ උප්පැන්නයක්/පාසැල් හැරයාමේ සදහතිකය/වතු හැරයාමේ සහතිකය /තහවුරුකරනලද කේන්දරපිටපතක්/විවාව සහතිකය/පුරවැසි සහතිකය/දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත)
- පුරවැසිසහතිකය/ද්ත්ව පුරවැසිසහතිකය
- වයස අවුරුදු 40ට වැඩි උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති ඉල්ලුම්කරුවන් තම නම සහ උපන් දිනය සනාථ කර ගැනිම සදහා පහත සදහන් ලේඛන
- අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් විසින් නිකුත් කරන ලබන ලේඛන මේ ප්‍රතිඵල සටහන
- නම හා උපන් දිනය සනාථ කර ගැනිම සදහාපිලිගතහැකි ලිඛිත සාක්ෂියක් (දරුවෙකුගේ උප්පැන්නයක්/පාසැල්හැරයාමේ සදහතිකය/වතු හැරයාමේ සහතිකය /තහවුරුකරනලද කේන්දරපිටපතක්/විවාව සහතිකය/පුරවැසි සහතිකය/වැඩිහිටි හැදුනුම්පත)
- නම, උපන් දිනය හා උපන් ස්ථානය තහවුරු කිරිමට විධිමත් දිවුරුම් ප්‍රකාශයේ මුල් පිටපත
- වෘත්තිය සනාත කිරීමේ සදහා අදාල සේවය සනාථ කිරීමේ ලිපියේ මුල් පිටපත
- අගල් 1 3/8x 7/8 ප්‍රමාණයේ වර්ණ ඡායාරූප3 ක්( පසුබිම් වර්ණය අහස් නි(Sky Blue)
- හැදුනම්පත් නිකුත් කිරිමේදි අවශ්‍ය අනෙකුත් ලේඛණ
- බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- අනෙකුත් ආගමික පුජකවරුන් සදහා පුජ්‍යත්වය තහවුරු කිරිමේ සහතික
- පුජ්‍යත්වය /පැවිදිභාවය අතහැර ඇත්නම් ඒ බව තහවුරු කර අදාල දෙර්තමේන්තුව මගින් ලබාගත් සහතිකය
- ස්වාමි පුරුෂයාගේ නම් ලබාගැනිම සදහා- විවාහ සහතිකය
- ශ්‍රි ලාංකික මවකට හෝ පියකුට දාව විදේශයක උපත ලද පුද්ගලයකු නම් ශ්‍රි ලංකාවේ පුරවැසිබව ලබාගත් බවට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කල පුරවැසි සහතිකය
- ද්විත්ව පුරවැසිභාවය ඇති තැනැත්තකු නම් ද්විත්ව පුරවැසි සහතිකය.
මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී
මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී
- ඉහත 1,2,3,4, 5හි සදහන් ලේඛණ• මුද්දර ගාස්තු රු. 3.00
- වයස අවුරුදු 16 ඉක්මවු අයදුම්කරුවන් සදහා දඩ පු.ලි.දෙ/05/02 දරණ ආකෘතිය හා මුදල් ගෙවන ලද කුවිතාන්සිය.
හැදුනුම්පතක් සදහා දෙවන පිටපතක් ලබා ගැනිම
හැදුනුම්පතක් සදහා දෙවන පිටපතක් ලබා ගැනිම
2014/09/01 දිනෙන් පසුව නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් ලබා ගැනිමේදි උප්පැන්න සහතිකයට අදාල තොරතුරු වල වෙනසක් සිදුවි නොමැති නම් නැවත උප්පැන්න සහතකිය අවශ්‍ය නොවේ.
2014/09/01 දිනට පෙර නිකුත් කරන ලද හැදුනුම්පතක දෙවන පිටපතක් ලබා ගැනිමේදි පහත ලේඛන ඉදිරිපත් කල යුතුය.
නැතිවු හැදුනුම්පතක් සදහා දෙවන පිටපතක් ලබා ගැනීමේ දී
නැතිවු හැදුනුම්පතක් සදහා දෙවන පිටපතක් ලබා ගැනීමේ දී
- ඉහත 1,2,3,4,5 හි සදහන් ලේඛණ
- මුද්දර ගාස්තු රු. 15.00
- පොලිස් වාර්තාව (වසරක් ඇතුලත ලබා ගත් )• පැරණි අංකය සනාත කිරීමට සාක්ෂි 2 ක්















