නව මහනුවර දිස්ත්‍රික් ලේකම්තුමන් වෙත පූජාපිටිය ප්‍රාදේශීය මහලේකම්තුමිය ඇතුලු කාර්‍යමණ්ඩලයේ උණුසුම් සුබපැතුම්...
නව දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් ඉන්දික උඩවත්ත මහතා වැඩ භාර ගනී
මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් 2024.12.02 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පත්කිරීමට අනුමැතිය ලැබුණු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉන්දික උඩවත්ත මහතා මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2024-12-05 දින රාජකාරී අරඹන ලදි. ඒ හිටපු දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව හේතුවෙනි.
2003 වර්ෂයේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වන ඉන්දික උඩවත්ත මහතා මුලින්ම සිය රාජකාරී අරඹන්නේ අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙසයි. අනතුරුව උහන සහකාර ප්‍රාදේශීය ලේකම් සහ උහන ප්‍රාදේශීය ලේකම් ලෙස ඔහු සේවය කොට තිබේ.
ඉන් අනතුරු මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරන ඒ මහතා යටිනුවර සහ මැදදුම්බර යන ප්‍රාදේශීය ලේකම් තනතුරු ද හොබවා ඇත. මහනුවර දිස්ත්‍රික් ලේකම් තනතුරේ රාජකාරී ආරම්භ කිරීමට පෙර ඒ මහතා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වශයෙන් කටයුතු කරමින් සිටියේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන ඉන්දික උඩවත්ත මහතා කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබදව ශාස්ත්‍රපති උපාධිය ද හිමිකර ගෙන තිබේ. මීට අමතරව උඩවත්ත මහතා රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් දෙස් විදෙස් පුහුණු අවස්ථා රැසක්ම ගෙන රාජ්‍ය සේවය පිළිබඳව අත්දැකීම් රැසක් හිමිකර ගත් නිලධාරියෙකි.
ග්‍රන්ථ කර්තෘවරයක් හා සාහිත්‍යකරුවෙකු වන ඒ මහතා අම්පාර රජගලතැන්න මහ විද්‍යාලය, අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසල සහ නිට්ටඹුව සංඝබෝධී මධ්‍ය මහ විද්‍යලයේ ආදි ශිෂ්‍යෙයකි.
නව ධූරයේ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවේ ආගමික වතාවත් සඳහා මල්වතු මහ විහාර පාර්ශවීය කාරක සංඝ සභික දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල හිමි ඇතුලු මහා සංඝරත්නය වැඩම කොට සිටි අතර හිටපු දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ද සුබ පැතීම සඳහා එක්ව සිටියේය.
මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල මහතා සහ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු රජයේ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගීවී සිටියෝය.